Friday, August 29, 2014

ඩේටා රිකවර් කරගමු. ( Undelete files with recuva ).

ඔන්න යාලුවනෙ මම අද කියන්න යන්නෙ ඩේටා රිකවර් එහෙම නැත්තන් නැතිවුනු දත්ත නැවත ලබාගන්නා හැටි ගැන.
අපේ අතින් වැරදීමකින් හරි එහෙමත් නැත්තන් වෙන කවුරුහරි නොදැනුවත්ව ඔයාගෙ වටිනා ෆයිල්ස් කිහිපයක් Delete උනා කියමුකො.Recycle bin එකෙත් නෑ. එතනිනුත් Delete  කරලා.. හ්ම්.. දැන් කොහොමද ඒවා අයෙත් ගන්නෙ???




ඒකට තමයි මේ Software එක තියෙන්නෙ. මේ link එකෙන් ගිහින් Download කරගන්නකො. 
http://www.piriform.com/recuva

නැත්තන් පහල පේන Image එක උඩ Click කරන්න
ඒකෙ Download  Button එක click කරලා Software එක බාගන්න





හරි දැන් Install කරල Open කරාම මේ වගෙ Window එකක් එනවා



 ඒකෙ Next Button එක Click කරන්න

හරි ඊලගට එන මේ Window එකේ ඔයාගෙ නැතිවුනු File  වර්ගය තෝරලා අයෙත් Next Button එක Click කරන්න. ඒ කිව්වෙ නැතිවුනේ Images නම් ඔයාPictures එක තෝරනන ඕනෙ. Audio Files නම් Music තෝරන්න ඕනේ. අන්න ඒ වගේ


ඊට පස්සෙ එන මේ Window එකෙ කරන්න ඔනෙ Delete උන Files තිබ්බෙ කොහෙද කියන එක තෝරලා දෙන එක. 

එතනිනුත් Next  දුන්නට පස්සෙ එන මේ Window එකෙ Start  කියන Button  එක Click කරන්න


ඊට පස්සෙ ටික වෙලාවකින් මේ වගෙ Window එකක් එනවා. එතනින් ඔයාට ඕනෙ File එක ඉදිරියෙ තියෙන Check Box එක Select කරලා දකුණු පැත්තෙ තියෙන Recover Button එක Click .කරන්න.






මෙතන දකුණු පැත්තෙ තියෙන Switch to advanced mode Click කරලා වඩාත් වැඩි විස්තර ලබාදී නැවත සොයන්නත් පුලුවන්.

 හිතනවා මේක ප්‍රයෝජනවත් වෙන්න අති කියලා. එහෙනම් අලුත් පෝස්ට් එකකින් නැවත හමුවෙමු.

~~ මම පැරඩොක්ස්... ~~

අපේ FB Page එකටත් Like එකක් දාලම යන්න ;)













No comments:

Post a Comment