Thursday, August 28, 2014

අලුතින් පරිගණකයක් ගන්න කලින් මේ ටික කියවලා ඉන්න

මගේ බ්ලොග් එකෙ පලවෙනි පෝස්ට් එක නිස හිතුව ටිකක් වැදගත් දෙයක් ඔයාලට කියන්න. අලුතින් පරිගණකයක් එහෙම ගන්න ඉන්නව නම් මේ පෝස්ට් එක ඔයාට හුගක් වැදගත් වෙයි.

අපි පරිගණකයක හැකියාවන් ගැන මූලිකව අවබෝධයක් ලබා ගන්නෙ එහි මෙහෙයුම් පද්ධතිය, මෘදුකාංග සහ දෘඩාංග වලින්. පරිගණකය මිලදී ගන්න තැනැත්තා තම අවශ්‍යතවට අනුව එය තෝරා ගතයුතු වෙනවා.




අපි OS එක ගැන කතා කරමු. ඒ කිව්වෙ මෙහෙයුම් පද්ධතිය ගැන.

ඔයාට ඔනෙ windows XP  තියෙන පරිගනකයක් නම් එකෙ මෙම අවශ්‍යත තිබිය යුතුයි.

Processor   එක 300MHz හෝ ඊට වැඩි
RAM   එක 128MB හෝ ඊට වැඩි
4GB ට වැඩි Hard Disk එකක්
Cd Drive එකක්  තිබිය යුතුයි

මෙවැනි පරිගනකයක් වෙලදපොලේ රු. 7500 ට වඩා අඩු මිලකට සොයා ගත හැක

ඔයාට ඔනෙ Windows 7 තියෙන පරිගනකයක් නම්,

Processor   එක 1GHz හෝ ඊට වැඩි
RAM   එක 1GB හෝ ඊට වැඩි
40GB ට වැඩි Hard Disk එකක්
128MB හෝ ඊට වැඩි Graphic Card එකක්
DVD Drive එකක්  තිබිය යුතුයි

මෙවැනි පරිගනකයක් වෙලදපොලේ රු. 20 000  ක පමණ මිලකට සොයා ගත හැක

ඔයාට ඔනෙ Ubuntu තියෙන පරිගනකයක් නම්,

Processor   එක 1GHz හෝ ඊට වැඩි
RAM   එක 1GB හෝ ඊට වැඩි
40GB ට වැඩි Hard Disk එකක්
128MB හෝ ඊට වැඩි Graphic Card එකක්
DVD Drive එකක්  තිබිය යුතුයි

මෙවට අමතරව 
ඔයා කරන වැඩ අනුව ඒවට ගැලපෙන පහසුකම් සහිතද කියන එක ගැනත් බලන්න ඕනෙ.
ඒ කිව්වෙ ඔයා 3D graphics, Video Editing  වැනි දේ කරනවනම් එම වලට ගැලපෙන පහසුකම් තියෙන පරිගනකයක් ගන්න ඕනෙ

ඒ වගේම
කියන පහසුකම් ඇත්තටම තියෙනවද කියන එක ගැන හොදට හොයන්න ඔනේ.. 
ඒ කිව්වෙ සමහරවිට  VGA එක 1GB කිව්වට පස්සෙ බලනකොට ඊට වඩා අඩුවෙන් තියෙන්න පුලුවන්. අන්න ඒ වගෙ එවා

ඒ වගේම 
අලුතින්ම පරිගනකය ගන්නවනම් ප්‍රසිද්ධ වෙලද නාම යටතෙ මෙරට බලයලත් නියෝජිතයෙකුගෙන් ගන්න එක තමයි නුවණට හුරු.

ඔය ඩෙස්ක්ටොප් පරිගනකයක් ගන්නවනම් පාවිච්චි කරපු එකක් උනත් ගත්තට කමක් නෑ. හැබැයි ඔයා ගන්න හිතන්නෙ ලැප්ටොප් එකක් නම් අලුත්ම එකක් ගන්න එක තමයි වඩාත්ම හොඳ...

මම හිතනව මේක ඔයාලට උදව්වක් වෙන්න ඇති කියල. හොදනම් Comment එකකුත් දාලම යන්නකො

එහෙනම් තවත් පෝස්ට් එකකින් නැවත හමුවෙමු.

~~ මම පැරඩොක්ස් ~~

මෙන්න මගේFacebook Page එක. 
https://www.facebook.com/worldofcom
ලයික් එකක් දාලම යන්න ;)



No comments:

Post a Comment