Friday, August 29, 2014

Google Ara ස්මාර්ට් ෆෝන් එක ( Google Ara Smart Phone )

මේක තමයි යාලුවනේ අලුතින්ම එන්න නියමිත ගූගල් අරා ස්මාර්ට් ෆෝන් එක. වැඩි විස්තර නම් තාම දන්නෙ නෑ. ඒ උනාට මේ පින්තූර ටික බලන්නකො. එතකොට අදහසක් ගන්න පුලුවන් වෙයි.













මේකෙ ඩිස්ප්ලේ එක, බැටරිය, කී පෑඩ් එක, කැමරාව, චිප් කොටස්, ස්පීකර් එක, තියෙන්නෙ තනි තනි කොටස් හෙවත් මොඩියුල විදිහට. ඒ කියන්නෙ අපිට ඕනි පහසුකම් මේ ෆෝන් එකට පහසුවෙන් එකතු කරගන්න පුලුවන්.

ඒ කියන්නෙ මොඩියුල මාරු කරල අපිට ඕනෙ තත්වෙට ෆෝන් එක ගන්න පුලුවන්. නැවත නැවත අලුත් ෆෝන් ගන්න ඕනෙ නෑ. කරන්න තියෙන්නෙ දැනට තියෙන මොඩියුල කොටස ගලවල අලුත් එකක් සවි කරන එක. 

ඒ කිව්වෙ මෙහෙමයි. හිතමුකො මගෙ ෆෝන් එකේ  රැම් එක 1GBකියලා. ඒත් මට ඕනෙ 2GB රැම් පහසුකමක්. මට කරන්න තියෙන්නෙ දැනට තියෙන 1GB රැම් එකට අදාල මොඩියුල කොටස ගලවලා 2GB මොඩියුල කොටසක් සවි කරන එක.
දැන් වගේ මුලු ෆෝන් එකම මාරු කරන්න ඕනෙ නෑ. කොහොමද? එලනේ??

මේක තාම වෙලදපොලට නම් ඇවිත් නෑ. ලබන අවුරුද්දෙ තමයි එන්න නියමිත. මිල සටහන් වෙන්නෙ $50 ක් වගෙ ( රු. 7000 - 8000 ක් පමණ ) සුලු මුදලක්. මේක වෙලදපොලට එන්නෙ Grey Phone යන මාදිලි නාමය යටතේ කියල තමයි දැනගන්න ලැබෙන්නෙ. 


තව විස්තර හොයා ගත්තම කියන්නම්කො. එහෙනම් දැනට මම යනවා....
 ~~මම පැරඩොක්ස්~~

අපේ FB Page එකටත් ලයික් එකක් දාන්න යාලුවනේ.. 
මෙන්න ලින්ක් එක
https://www.facebook.com/tec.tricks

No comments:

Post a Comment